Tamil-Sri LankaEnglish (United Kingdom)
 ඔබ සිටින්නෙ : මුල් පිටුව
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

          අප කවුරුන්ද...

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වර්ෂ 1904 දී පිහිටුවන ලද අතර එය මධ්‍යම ආණ්ඩුවේ විද්‍යාගාරය වේ. දෙපාර්තමේන්තුව අංශ දෙකකින් සමන්විත වේ. එනම් ආහාර විද්‍යා අංශය සහ අධිකරණ විද්‍යා අංශය යනුවෙනි. ආහාර විද්‍යා අංශය මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සේවා සපයනු ලබයි. අනෙක් අතට, අධිකරණ විද්‍යා අංශය ප්‍රධාන වශයෙන් අපරාධ විමර්ශන ක්ෂේත්‍රයෙහි නීති ක්‍රියාත්මක කරන බලධාරින්ට සේවා සපයනු ලබයි. පොලිසිය, අධිකරණය සහ රටෙහි ඇති අනිකුත් අදාළ ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන සාම්පල පරීක්ෂා කර විශ්ලේෂණය කිරීම සඳහා විශේෂයෙන්ම පුහුණු වූ විද්‍යාඥයන් පිරිසක් මේ අංශ දෙකෙහිම වේ.  alt

          අප විසින් කරනු ලබන්නේ කුමක්ද...

දෙපාර්තමේන්තුවේ ආහාර අංශය ආහාර හා මද්‍යසාර, කිරි සහ ජලය යනුවෙන් වූ විද්‍යාගාර තුනකින් සමන්විත වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත, ආහාර පනත, ජාතික පාරිසරික පනත යන පනත් යටතේ මහජනතාව ආරක්ෂා කිරීම සඳහා එක් එක් අංහය විසින් සාම්පල විශ්ලේෂණය කරනු ලබන අතර විද්‍යාත්මක වාර්තා ද නිකුත් කරනු ලබයි. තවද, සුරාබදු පනත යටතේ මද්‍යසාර විශ්ලේෂණය කරනු ලබයි. දෙපාර්තමේන්තුවේ අධිකරණ විද්‍යා අංශයේ, ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිණි විශ්ලේෂණ, මත් ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා, අධිකරණ ධුලක විද්‍යා, විද්‍යාත්මක, සැකකටයුතු ලේඛන අංශය සහ වවිධ යනුවෙන් ප්‍රධාන අධ්‍යයන අංශ හයක් තිබේ. අධිකරණ විද්‍යා අංශයේ මිනීමැරැම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ල, වාහන අනතුර‍ැ සිදුකර පලායෑම්, ගෙවල් ගිනි තැබීම සහ වංචාව යනාදී විවිධ අපරාධ සම්බන්ධයෙන් වූ සාක්ෂි පරීක්ෂා කරනු ලබයි.

         අප වැඩ කරනු ලබන්නේ ...

අප පහත සඳහන් ආයතන සමග එක්ව කටයුතු කරනු ලැබේ. එනම්, අධිකරණ, කම්කර‍ැ, විනිශ්චය සභා, පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, කොළඹ නැව් තටාකාංගනය සහ ආණ්ඩුවේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ නීති ක්‍රියාත්මක කරන බලධාරීන්.
 

නව තොරතුරු

In 1935, a new division was established to examine forensic questioned documents, which was named as Government Questioned Document Division.

It is significant to note that the government analyst establishment was formed into a separate Government Department on July 1913. In 1940, the first Ceylonese Government Analyst Mr. W.R. Chanmugam was appointed.


කතුහිමිකම © 2010 ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි
නිමැවුම සහ සම්බන්ධීකරණය: ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය